ඉඩෝරයක සිරි ගෙන
වියළී ඉරි තැලී ඇති විට
දළු දා ලියලන්නට සිත් බිම
පැතුවෙමි මල් වරුසා
වසින ලෙසට ….
පිල් විදහා නැටුවෙමි
මයුරකු විලස
ලද විගස ප්‍රථම
මල් වැහි බිඳ ….
නොලදිමි සතුට දිගු කල
අමෝරා වැහි ඇද හැළුණෙන්….
පුපුරමින් හෙන හඩ තැන තැන
දුරස් කරමින් මල් වරුසා සදහටම!!එනමුදු,
යලිත් දළු ලා ඇත සිත් බිම
මල් වරුසාවෙන් නම් නොව
දෙකොපුල සිසාරා ගලා හැළුණු
කදුළු වරුසාවෙ පන්නරයෙන් මිස…!!